Standard ගිණුම්
විවිධ ට්‍රේඩින් උපායමාර්ග භාවිතා කරන ට්‍රේඩර්ස්ලා සඳහා සුදුසු, කොමිස් ගාස්තු රහිත ගිණුමකි.
දැන්ම ලියාපදිංචි වී, අසමසම ට්‍රේඩින් කොන්දේසි සහිත වඩාත් ජනප්‍රිය ගිණුම් වෙත ප්‍රවේශ වන්න.
Standard
සියලුම වර්ගයේ ට්‍රේඩින් උපායමාර්ග සඳහා සුදුසු වඩාත් ජනප්‍රිය ගිණුමකි.
වේදිකාව
MT4/MT5
අවම තැන්පතුව
$10
ස්ප්‍රෙඩ්
0.3 පිප්ස් සිට
කොමිස් මුදල
කිසිදු කොමිස් ගාස්තුවක් නොමැත
උපකරණ
ෆොරෙක්ස්, දර්ශක, භාණ්ඩ, ස්ටොක්, ක්‍රිප්ටෝ
Standard Cent
නව ට්‍රේඩර්ස්ලා සඳහා ඉතා සුදුසුයි. හොද ආරම්භයක් සඳහා මයික්‍රෝ ලොට් සමඟ ට්‍රේඩින් කරන්න.
වේදිකාව
MT4/MT5
අවම තැන්පතුව
$10
ස්ප්‍රෙඩ්
0.3 පිප්ස් සිට
කොමිස් මුදල
කිසිදු කොමිස් ගාස්තුවක් නොමැත
උපකරණ
ෆොරෙක්ස්, භාණ්ඩ
| Standard | Standard Cent | |
|---|---|---|
| වේදිකාව | MT4/MT5 | MT4/MT5 |
| අවම තැන්පතුව | $10 | $10 |
| ගිණුම් මුදල් ඒකකය | USD, EUR, GBP, JPY, MYR, IDR, THB, VND, KWD, CNY, ZAR, AED, NGN | USC |
| උපරිම ලෙවරේජ් | 1:3000 | 1:3000 |
| කොමිස් මුදල 1 | කිසිදු කොමිස් ගාස්තුවක් නොමැත | කිසිදු කොමිස් ගාස්තුවක් නොමැත |
| ස්වැප් රහිත 2 | ලබා ගත හැකි | ලබා ගත හැකි |
| ස්ප්‍රෙඩ් | 0.3 පිප්ස් සිට | 0.3 පිප්ස් සිට |
| අවම ලොට් ප්‍රමාණය | 0.01 ලොට් | 0.01 ලොට් සෙන්ට් |
| උපරිම ලොට් ප්‍රමාණය | 100 ලොට් | 1000ක් ලොට් සෙන්ට් දක්වා (0.01ක පියවරකින්) |
| උපරිම පොසිෂන් ගණන 3 | 100/500 | 30/1000 |
| මාජින් කෝල් | 40% | 40% |
| ස්ටොප් අවුට් | 20% | |
| ක්‍රියාත්මක කිරීමේ විධි | වෙළදපොළ | වෙළදපොළ |
| උපකරණ | ෆොරෙක්ස්, දර්ශක, භාණ්ඩ, ස්ටොක්, ක්‍රිප්ටෝ | ෆොරෙක්ස්, භාණ්ඩ |
1ගිණුමේ ප්‍රධාන මුදල් ඒකකය USD වලින් වෙනස් නම්, කොමිස් මුදල USD වලට සමාන අගයකින් අය කරනු ලැබේ. (කොමිස් පිළිබඳ වැඩි විස්තර ගිවිසුම් පිරිවිතර පිටුවේ රෝ ස්ප්‍රෙඩ් කොටස යටතේ ලබා ගත හැක.)
2ස්වැප් රහිත විකල්පය මුස්ලිම් ගනුදෙනුකරුවන් සහ විස්තීරණ ස්වැප් රහිත මට්ටම ලබා ඇති ගනුදෙනුකරුවන් සඳහා ලබා ගත හැකි බව කරුණාවෙන් සලකන්න.
3මෙම අගය මඟින් එකවර විවෘත කළ හැකි උපරිම ඇණවුම් සංඛ්‍යාව සහ අපේක්ෂිත ඇණවුම් සංඛ්‍යාව නිරූපණය කරයි.
නිතර අසන ප්‍රශ්න
1
ට්‍රේඩින් ගිණුමක් යනු කුමක්ද?
ෆොරෙක්ස් ට්‍රේඩින් ආරම්භ කිරීම සඳහා, පළමුව ට්‍රේඩින් තැරැව්කරුවෙකු සමඟ ගිණුමක් විවෘත කළ යුතුයි. ට්‍රේඩින් ගිණුමක් මඟින් FX වෙළඳපොළට ප්‍රවේශ වීමට සහ අන්තර්ජාලය හරහා ට්‍රේඩින් ගනුදෙනු ක්‍රියාත්මක කිරීමට හැකියාව ලබා දේ.
ට්‍රේඩින් ගිණුමක් යම් ආකාරයකට බැංකු ගිණුමකට සමාන වේ. එය මුදල් තැන්පත් කිරීම, මුදල් රඳවා තබා ගැනීම සහ මුදල් ආපසු ලබා ගැනීම සඳහා භාවිතා කළ හැක. ට්‍රේඩර්ස්ලාට තම ගිණුම් වෙත මුදල් යැවීමට සහ ඒවා ආපසු ලබා ගැනීමට විවිධ ගෙවීම් පද්ධති භාවිතා කළ හැක. JustMarkets ගනුදෙනුකරුවන් සඳහා ලබා ගත හැකි සියලුම ගෙවීම් පද්ධති ලැයිස්තුව තැන්පතු සහ මුදල් ආපසු ගැනීම් පිටුවේ සොයාගත හැක.
JustMarkets ට්රේඩස්ලාට අවශ්‍ය ට්‍රේඩින් මෙවලම් සහ උපායමාර්ග, අඩු ස්ප්‍රෙඩ් සහ නම්‍යශීලී ලීවරේජ් ලබා දෙමින්, හොඳම ට්‍රේඩින් කොන්දේසි ලබා දේ. මේ වන විට, ගිණුම් වර්ග කිහිපයක් ලබා ගත හැක.
ඕනෑම ට්‍රේඩින් ගිණුමක මූලික අරමුණ වන්නේ විවිධ මූල්‍ය උපකරණ සමඟ ගනුදෙනු සිදු කිරීමයි (ඇණවුම් විවෘත කිරීම සහ වසා දැමීම). මෙම මූල්‍ය උපකරණ ලැයිස්තුව ගිණුම් වර්ගය අනුව වෙනස් විය හැක. එක් එක් මූල්‍ය උපකරණයේ විශේෂාංග පිළිබඳ වැඩිදුර තොරතුරු මෙහිදී ලබාගත හැක.
සියලුම ගිණුම් වර්ග සඳහා වෙළඳපොළ ඇණවුම් ක්‍රියාත්මක කිරීම ලබා ගත හැක. JustMarkets විසින් ස්කැල්පිං, හෙජිං, ප්රවෘත්ති මත පදනම් වූ ට්‍රේඩින් වැනි විවිධ වෙළඳ උපායමාර්ග භාවිතා කිරීමට අවසර ලබා දේ.
2
Demo
ආරම්භක ට්රේඩස්ලාට සඳහා හෝ තම ට්‍රේඩින් උපායමාර්ග පරීක්ෂා කිරීමට කැමති අය සඳහා, JustMarkets විසින් නොමිලේ ඩිමෝ ගිණුමක් විවෘත කිරීමේ අවස්ථාව ලබා දෙයි. ඩිමෝ ට්‍රේඩින් යනු සැබෑ ට්‍රේඩින් කිරීම අනුකරණය කරන ක්‍රියාවලියක් වන අතර, එය පුහුණු වීම සහ අභ්‍යාස කිරීම සඳහා නිර්මාණය කර ඇත. ඩිමෝ ට්‍රේඩින් සඳහා ආයෝජනය කිරීමක් අවශ්‍ය නොවන අතර, එය නොමිලේ භාවිතා කළ හැක. එමඟින් ඔබට ඔන්ලයින් ට්‍රේඩින් පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමටත්, Metaට්‍රේඩර් භාවිතා කිරීමේ ප්‍රායෝගික කුසලතා වර්ධනය කර ගැනීමටත්, කිසිදු අවදානමකින් තොරව ඔබගේ ට්‍රේඩින් උපායමාර්ග පරීක්ෂා කිරීමටත් හැකියාව ලැබේ.
ඩිමෝ ගිණුමක ට්‍රේඩින් කිරීම සැබෑ ගිණුමක ට්‍රේඩින් කිරීමට සමාන මූලධර්ම මත ක්‍රියා කරන අතර සැබෑ ගිණුමේ ට්‍රේඩින් කොන්දේසි අනුකරණය කරන බව කරුණාවෙන් සලකන්න. කෙසේ වෙතත්, සැලකිල්ලට ගත යුතු වෙනස්කම් කිහිපයක් පවතී.
ඩිමෝ ගිණුම් අනුකරණය කරන ලද වෙළඳපොළ පරිසරයක ක්‍රියාත්මක වේ. ඩිමෝ ගිණුම් වල ප්‍රස්ථාරවල දැක්වෙන මිල ගණන් ප්‍රකාශ කිරීම සැබෑ වෙළඳපොළ මිල ගණන්වලට හැකි තරම් සමීපයි. කෙසේ වෙතත්, අනුකරණය කරන ලද ද්‍රවශීලතාවය ලයිව් සේවාදායකයේ පවතින ද්‍රවශීලතාවයට වඩා වෙනස් වේ. කෙසේ වෙතත්, අනුකරණය කරන ලද ද්‍රවශීලතාවය සජීවී සේවාදායකයේ පවතින ද්‍රවශීලතාවයට වඩා වෙනස් වේ.
ඔබට JustMarkets හි ඕනෑම ගිණුම් වර්ගයක ඩිමෝ ගිණුමක් භාවිතයෙන් පුහුණුව ආරම්භ කළ හැක: Standard Cent, Standard, Pro, හෝ Raw Spread. එමඟින් ඔබට තැරැව්කරුගේ ට්‍රේඩින් කොන්දේසිද පරීක්ෂා කර, ඔබට වඩාත් සුදුසු ගිණුම තෝරාගත හැක.
මෙවැනි ආකාරයේ ට්‍රේඩින් මඟින් ඔබට වෙළඳපොළ පිළිබඳ ඔබගේම අවබෝධයක් ගොඩනඟා ගැනීමට හැකි වන අතර, එය අනාගතයේදී විශ්වාසයෙන් යුතුව ෆොරෙක්ස් වෙළඳපොළේ ට්‍රේඩින් කිරීමට උපකාරී වේ. ඩිමෝ ගිණුමේ සාර්ථක ප්‍රතිඵල ලබාගත් පසුව පමණක්, සැබෑ ට්‍රේඩින් ගිණුමක් සමඟ ඉදිරියට යාම සුදුසුයි.
3
Standard Cent
Standard Cent ගිණුම නව ට්රේඩස්ලාට සඳහා නිර්මාණය කර ඇත. ඔබ ඩිමෝ ට්‍රේඩින් කිරීම සාර්ථකව අවසන් කර තිබුණද, තවමත් විශාල මුදලක් තැන්පත් කිරීමට ඔබ සූදානම් නැති නම්, Standard Cent ගිණුම ඔබට ඉතා සුදුසු විකල්පයකි. මෙම ට්‍රේඩින් ගිණුමේ ශේෂය සෙන්ට් ඒකකයෙන් මනිණු ලැබේ. එම නිසා, ඔබගේ ට්‍රේඩින් උපායමාර්ගය Standard Cent ගිණුම හරහා ලාභ ඉපයීමට ඔබට උපකාරී විය හැක.
Standard Cent ගිණුමක් යනු.
-ඔබගේ මුදල් කළමනාකරණ කුසලතා වැඩිදියුණු කර ගැනීම සඳහා විශිෂ්ට මෙවලමකි. මෙම අරමුණ සඳහා කුඩා මුදල් ප්‍රමාණ වඩාත් සුදුසු වේ.
-අවදානම් කළමනාකරණය කිරීම පුහුණු කිරීම සඳහා මෙය පරිපූර්ණ ක්රමයකි.
– මෙය සැබෑ මුදල් සමඟ ට්‍රේඩින් කිරීමේදී ඇතිවන සියලුම හැඟීම් අත්විඳීමට, නමුත් අඩු අවදානමක් යටතේ අවස්ථාවක් ලබා දෙයි.
-මෙය ෆොරෙක්ස් උපදේශකයන් පරීක්ෂා කිරීම සඳහා මෙවලමකි.
JustMarkets හි සේවාවන් සහ ට්‍රේඩින් කොන්දේසි ප්‍රායෝගිකව ඇගයීමට හැකියාව ලබා දේ.
Standard Cent ට්‍රේඩින් ගිණුමට Standard ගිණුම සමඟ බොහෝ සමානකම් ඇත. එමෙන්ම, සැලකිය යුතු ලෙස අවදානම අඩු වීම නිසා, ඔබට වැඩි පීඩනයකින් තොරව සහ ඔබගේ අයවැයට විශාල බලපෑමක් නොවන පරිදි, ට්රේඩින්හි මූලික කරුණු ක්‍රමයෙන් ඉගෙන ගැනීමට එය ඉඩ සලසයි.
ඔබගේ කුසලතා පිළිබඳ විශ්වාසයක් ඇති කරගෙන Standard Cent ගිණුමේ ට්‍රේඩින් කිරීමේදී සාර්ථක වූ පසු, ඔබට Standard, Pro, හෝ Raw Spread ෆොරෙක්ස් ගිණුම් වෙත මාරු විය හැක.
4
Standard
Standard ගිණුම වඩාත් ජනප්‍රිය ගිණුම් වර්ගයයි. එහි මූලික ට්‍රේඩින් මෙවලම් කට්ටලයක් වන අතර, 0.3 පිප්ස් සිට ආරම්භ වන අඩු ස්ප්‍රෙඩ් සහ කිසිදු කොමිස් ගාස්තුවක් නොමැත. ස්ටොප් ලොස් සහ ටේක් ප්‍රොෆිට් මාදිලි ඇණවුමක් විවෘත කරන අවස්ථාවේදී හෝ ඉන් පසුවද සැකසිය හැක. Standard ගිණුම දෛනික ප්‍රස්ථාර මත ට්‍රේඩින් කිරීම සහ ආක්‍රමණශීලී නොවන දෛනික අභ්‍යන්තර ට්‍රේඩින් සඳහා භාවිතා කළ හැක. මෙම වර්ගයේ ගිණුම් සඳහා ට්‍රේඩින් උපාය මාර්ග සඳහා සීමාවන් නොමැත.
5
Pro
හොද ට්‍රේඩින් කොන්දේසි, අඩු ස්ප්‍රෙඩ් සහිත කිසිදු කොමිස් ගාස්තුවක් නොමැති ගිණුමකි. ට්‍රේඩර්ස්ලාට Pro ගිණුම් මත ඕනෑම ආකාරයක ට්‍රේඩින් ක්‍රමයක් භාවිතා කළ හැක. මෙම ගිණුම් වර්ගය පටු ස්ප්‍රෙඩ්, ඉහළ ලීවරේජ් අගයකින් යුතු නිසා, කිසිදු කොමිස් ගාස්තුවක් නොමැති වීම සහ ඇණවුම් සංඛ්‍යාව හෝ වෙළඳ පරිමාව සම්බන්ධයෙන් සීමාවන් නොමැති වීම මගින් විශේෂත්වයක් දරයි.
Pro ගිණුමේ ප්‍රධාන
වාසිය වන්නේ පුළුල් පරාසයක වෙළඳ මෙවලම් ලබාදීමයි: මුදල් යුගල 50කට වැඩි ප්‍රමාණයක්, දර්ශක, ලෝහ සහ භාණ්ඩ සමඟ ට්‍රේඩින් කිරීමේ හැකියාව. ඔබට ඔබගේ සියලුම ට්‍රේඩින් සහ ආයෝජන අදහස් භාවිතා කළ හැක.
6
Raw Spread
Raw Spread ගිණුම ඔබට ගතික ට්‍රේඩින් අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව සලසයි. කෙටි කාල රාමු මත වැඩ කිරීම සමඟ දෛනික අභ්‍යන්තර ට්‍රේඩින් සහ නිතර ඇතුළුවීම් හා පිටවීම් සිදු කිරීමට කැමති වෙළඳපොළ සහභාගිවන්නන් බොහෝවිට මෙම ගිණුම් වර්ගයම තෝරා ගනී. එය ස්කැල්පර් ට්‍රේඩර්ස්ලා සඳහා වඩාත් සුදුසු ගිණුමක් ලෙස සැලකේ. ගනුදෙනු සඳහා කොමිස් ගාස්තුවක් අය කෙරෙන නමුත්, ස්ප්‍රෙඩ් 0.0 පිප්ස් සිට වෙනස් වන අතර, එය අනෙකුත් ගිණුම් සමඟ සසඳන විට සැලකිය යුතු ලෙස අඩුයි. මෙම ගිණුම හරහා ට්‍රේඩින් කරන විට, ඔබට පුළුල් පරාසයක මූල්‍ය උපකරණ සමඟ ට්‍රේඩින් කිරීමට හැකියාව ලැබේ.
7
ඉස්ලාම් ගිණුම්
JustMarkets ඉස්ලාම් ආගමික විශ්වාසයන් අනුගමනය කරන ගනුදෙනුකරුවන් සඳහා විශේෂ විකල්පයක් ලබා දේ. ෂරියා නීතිය අනුව ස්වැප් සමඟ ට්‍රේඩින් කිරීම තහනම් වේ. මේ හේතුව නිසාම විශේෂ ස්වැප් රහිත ට්‍රේඩින් ගිණුම් නිර්මාණය කර ඇත.
ස්වැප් යනු එක් ට්‍රේඩින් දිනයක මධ්‍යම රාත්‍රියේ ඇණවුමක් වසා දමා, ඊළඟ දිනයේ එය වසා දැමූ මිලට නැවත විවෘත කිරීම සඳහා අය කරන ගාස්තුවකි. ස්වැප් රහිත ගිණුම් සමඟ, ට්රේඩස්ලාට තම විවෘත පොසිෂන් අවශ්‍ය තරම් කාලයක් පවත්වාගෙන යා හැකි අතර, ගිණුමට ස්වැප් අගයක් එකතු කිරීමක් හෝ එයින් අය කිරීමක් සිදු නොවේ. මෙම අවස්ථාවේදී, ට්‍රේඩින් එකේ ප්‍රතිඵලයට බලපාන්නේ නිශ්චිත කාල පරාසයක් තුළ විනිමය අනුපාතවල සිදුවන වෙනස්කම් පමණි.
ස්වැප් රහිත ගිණුම් භාවිතා කිරීම අනිවාර්ය නොවන අතර එය විකල්පයකි. ඔබගේ Standard Cent, Standard, Pro, හෝ Raw Spread ගිණුමක් ස්වැප් රහිත ගිණුමක් බවට පරිවර්තනය කිරීමට, ඔබ සහාය කණ්ඩායම සමඟ සම්බන්ධ විය යුතුයි.
8
ස්වැප් රහිත මට්ටමක් යනු කුමක්ද?
ස්වැප් රහිත මට්ටම යනු රාත්‍රී කාලය පුරා විවෘතව පවතින පොසිෂන් සඳහා කිසිදු ස්වැප් ගාස්තුවක් නොගෙවීමට පරිශීලකයන්ට ඉඩ සලසන තත්ත්වයකි. ස්වැප් ගාස්තු මට්ටම් 2 ක් ඇත: විස්තීර්ණ සහ සම්මත. විස්තීර්ණ ස්වැප් රහිත මට්ටම සහිත ගනුදෙනුකරුවන් සඳහා, බොහෝ මූල්‍ය උපකරණ සඳහා ස්වැප් ගාස්තු අය නොකෙරේ. ස්වැප් රහිත මට්ටම් පිළිබඳ වැඩි විස්තර මෙහි මෙහිදී සොයාගත හැක.
